අපි සමග සිහිනයක්

      ....................අපි සමග සිහිනයක්...............

**සැබැ වේදැයි නොදන්නෙමි..
එනමුත් සිත පතයි නිරතුරුවම මෙය
මෑකිගියත් මේ හීනය මා සමග වටිනා
වස්තුවකි ඔබ දුන් ඒ සිහින ලොව සැමදාම


එක් හවස වරුවක මා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩිවි පොතක් කියවමින් සිටින අතරතුර පහලොස් හැවිරිදි මගේ පුතු මා අසලට පැමිණ සුදු කඩදාසියක් දිගු කරයි..
" කවුද තාත්තේ මේක ලිව්වේ?? මට මේක අපේ පුස්තකාලේ පොතක් ඇතුලේ තිබිලා හම්බුනේ."
මම එය ඔහුගෙන් ලබාගෙන කියවිමට පටන් ගත්තේමි. කාලයකට ඉස්සර මම ලියපු වචන ටිකක්..
 

"පුතා මේක කියෙව්වාද?? "

 "ඔව් තාත්තේ..මේක ඇත්තටම කවුද ලිව්වේ"

"මේක මම ලිව්වේ පුතා, ඔයාලගේ අම්මාට. ඒත් කවදාවත් අම්මාට මම මේක පෙන්නුවේ නෑ."
"මේක මරු තාත්තේ.අද මේක අපි අම්මා හොස්පිටල් ගිහින් අවාට පස්සේ පෙන්නමු හොදේ. එයාට පුදුම හිතෙයි."


මම සිනාසෙමින් කාලයකට ඉස්සර මගේම අතින් ලියවුනු වචන පෙල දෙස නෙත් යොමු කලෙමි.. නිසදැසේ නම
එන්ජල්...
එයාට ඉස්සර ඉදන් මම ඔයාට ආදරේට කතා කරන නම..එ දවස් වල එහෙම කියද්දි බොරුවට රවලා හිනා වෙලා " ඔයාට නම් පිස්සු අනේ" කියලා කියන හැටි තාම පේනවා මට.

එන්ජල්...Angel
වෙසක් මහේ එක් දිනයක..
වාඩිවි ඉදිරිපස අසුනක
අපේ instituteයේ receptionය අසල
ඉර මුදුන් වි මද වෙලාවකි.
ඇසෙයි හෙමින් පඩිපෙල නගින ශබ්දයක්
කවුරුන්දෝ කෙනෙක්...
පියනගයි සොදුරු යුවතියක්
දොර විවර කරමින්

හැගුනි සුපුරුදු බවක් සිතට
මිට පෙර ඇය දුටු බව හෝ කතා කර ඇති බවක්
දැනෙයි සිතට මගේ
මතකයට නැගුනි ඈගේ රූපයක්
දුටු බව මින් පෙර මූණු පොතේ....
නිරතුරුව මා හා දොඩමලු වන මිතුරයකි ඇය


ඇතුලුවෙමි පන්ති කාමරය තුලට
නිල් පැහැ ඇදුමකි ඇගේ වත සැරසුනු
බිමට යොමාගත් නිල් නුවන් තාම නොපෙනෙයි මට
ගියෙමි ඇය සිටි අසුන ලගට
ඇසුවෙමි මා හා චැට් කරන්නේ ඔබ නේද කියා
තිගැස්සුනු ඇය බැලුවා මා දෑස් දෙස
මා හදුනා ගැනිමට නොහැකි හැඩකි ඇයහට
පැවසුවෙමි මගේ නම
එවිට සිනා නැගු ඇය මා හදුනා ගත්තාය.....

ඉදින් පසු ගෙවුනු කාලය
හමුවුනා අප කතා කලා බොහෝ දෑ
හුවමාරු වුවා පොත් අප අතර
ගෙවුනු එක් සැදැ වරුවක
පැවසුවෙමි මගේ ප්රේමය ඇය කෙරෙහි ඇති
ලබා ගැනීමට ඇගේ බහ
සිටියෙමි බලා දිගු කාලයක්..
ලැබුණා එක රැයක පණිවිඩයක්
ඇගේ ආදරය මට බව
උතුරා ගිය මගේ සතුට
පෙරලන්නට නොහැකිය වදන් වලට
සිතුවෙමි සොදුරිය මගේ පණ දෙවැනිකොට රකිනා බව නුබ

ආදරය කලා අප ලෝකයම අමතක වන ලෙසට
ඇගේ ඒ මහ සෙනෙහස
මගේ හදවත පුරා උතුරා ගලා ඇත
සිතුනා විටෙක මේ ලෙසින්
ප්රේම කරන්නේ ඔබ හට මාමදැයි කියා...
පුරුද්දක් නොතිබුනු නිසාමදෝ මට
රිදුනා ඇගේ සිත දහස් වාරයක් මා අතින්
නමුදු නැත දබරවි කිසිදිනෙක අප අතර
සුන්දරය සැමදාම අරබන විට දවස ඇය සමග

ඉගෙන ගතිමි මා තවත් හොදින්
කැපුවුණේමි ඉලක්කයක් කරා
සිහිනයකි අප දෙදෙනාම වට කොට බැදුනු
කේලම් දහසකි අප බිදුවිමට
මිතුරන් ලෙසින් සිටින සතුරන් මගින්..
කනකට නොගෙන ඒ මුසාබස්
අප දෙදෙන ගමන් කරෙමි අපේ පුන්චි ලෝකය කරා

සැබැ කලෙමි ආදරය මෙන්ම ජිවිතයද
ඔබ වෙනුවෙන් මා තැනු
ගෙවි ගොස් මේ මැදියම
එලබෙන හෙට උදැසන
අපේ මහානාගර්ඝ ප්රේමයේ කූඨාප්රප්තියයි..
ඉතින් සොදුරිය,
මේ ඔබේ වෙනස් නොවු ප්රේමය වෙනුවෙන් මගේ උපහාරයයි..
 

   

0 Comments:

Post a Comment