පුනුරුප්පත්තිය පිළිබද බුදුදහමේ විග්‍රහය...

                    පුනුරුප්පත්තිය  පිළිබද බුදුදහමේ විග්‍රහය..


මානව වර්ගයාගේ ආදිතම මිනිසාද මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කළේ ය. ලොව සෑම ආගමක්ම මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කරයි. එහෙත් භෞතිකවාදීහු පමණක් මරණින් මතු යළි ජීවිතයක් පිළිබඳව විශ්වාස නොකරති. මේ අනුව මරණින්මතු ජීවිතයක් පිළිබඳව අන්ත දෙකක් දක්නට ලැබේ. ඒ අන්තදෙක ශාශ්වත වාදය හා උච්ඡේද වාදයයි. ශාශ්වත වාදය යනු මිනිසා තුළ නිත්‍ය, සදාකාලික නොවෙනස් වන ආත්මයක් ඇති බව පිළිගනිමින් ඒ මත පදනම් වූ පුනරුප්පත්තියක් පිළිගැනීමයි. ශාශ්වත වාදයට අනුව, නොනැසී පවතින ආත්මය මරණයත් සමඟ පැරැණි කය අතහැර අලුත් කයකට ඇතුළුවෙයි. එය කෙනකු පැරැණි වස්ත්‍රය ඉවතලා අලුත් වස්ත්‍රයක් ඇඳගන්නාක් මෙනි. එසේම කූඩල්ලා එක් තණ කොළයකින් තවත් තණ අගකට ගමන් කරන්නාක් මෙනි. මෙය නිත්‍ය ආත්මය පදනම් කරගත් ‘සස්සත වාදය’ නම් වේ.

උච්ඡේද වාදියා මිනිසා හුදු භෞතිකමය සිරුරකින් පමණක් සමන්විත දෙයක් බව පිළිගනිමින් මරණයත් සමඟ සිරුර විනාශයට පත්වන බවත් ශරීරයේ ධාතු කොටස් නැවත ඒ ඒ ධාතුන්ට එකතු වන බවත් ඉන් එහාට ගිය කිසිදු පැවැත්මක් පුනරුප්පත්තියක් හෝ පුනර්භවයක් හෝ නැති බවත් අවධාරණය කරයි.

පායාසි රාජඤ්ඤ නම් රජු මරණින් පසු සත්වයාට සිදු වන්නේ කුමක්ද යන්න පරීක්ෂා කිරීමට විවිධ පර්යේෂණයන්හි යෙදුණේය. ඔහුට අවශ්‍ය වූයේ පුනරුප්පත්තියක් තිබේද යන්න පියෙවි ඇසින් සොයා බැලීමටයි. ඔහු මරණයට තීන්දු වූ මිනිසුන් ඒ සඳහා යොදා ගත්තේ ය. විශාල බඳුන්වල පණ ඇති මිනිසුන් දමා එම භාජනවල පියන් සුළං පොදක් හෝ ඇතුළුවීමට පිටවීමට නොහැකි තරමට වසා දමා දින ගණනාවකට පසු එම වැසුම් ඉවත් කරමින් මැරුණු මිනිසාගේ ප්‍රාණයත් ආත්මයත් බඳුනෙන් ඉවත්වෙදැයි පරීක්ෂා කර බැලුවේය. මිනිස් සිරුරෙන් මරණින් පසු කිසිවක් ගමන් නොකරන බව ඔහු ඉන්ද්‍රියානූභූතියෙන් පරීක්ෂා කොට බැලුවේ ය. මෙබඳු පර්යේෂණ ප්‍රාථමික නොදියුණු දේ වුවත් මෙය මසැසින් පුනරුප්පත්තියක් තිබේද යන්න පරීක්ෂා කළ අවස්ථාවකි. මෙසේ පර්යේෂණ කළ පායාසිරාජඤ්ඤ පුනරුප්පත්තියක් නැතැයි නිගමනය කළේ ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ.

නූතන ලෝකයේ මෑතක සිට මරණාසන්න පුද්ගලයන් විසින් නැතහොත් මරණයට පත්වී මොහොතකින් යළි ජීවිතය ලැබූවන් විසින් තමා ලැබූ අත්දැකීම් ප්‍රකාශ කරන ලද අවස්ථා එක්කොට පර්යේෂණ ග්‍රන්ථ ගණනාවක් බිහිවී ඇත. 1977 රේමන් ඒ මූඩි ‘Life after Life’ යන නමින් එළිදැක්වූ ග්‍රන්ථය එම වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථ අතරට එක්විය. ඉන් පසු Near Death Experiance (NDE) එනම් මරණාසන්න පුද්ගලයාගේ අත්දැකීම් නම් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව ලොව පුරා කථාවෙමින් පවතී.

නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් මේ විෂය මතුවීමට හේතුවක් වී ඇත. කෙනෙක් මිය ගිය මොහොතේම හෘදයේ ස්පන්දනය ඇති කොට මරණයට පත්වූ පුද්ගලයා නැවත ජීවිතය ලබාගත් විට තමා විඳි අත්දැකීම ප්‍රකාශ කළ අවස්ථා එක් රැස්කොට මරණාසන්න වූවන්ගේ අත්දැකීම් විෂය කලඑළි බැස ඇත. මියගිය පුද්ගලයාගේ හෘදය අකර්මණ්‍ය වී විනාඩි සතරක් පමණ ගතවනවිට මොළයට රුධිරය ගලායෑම නවතී. ඉන් පසු ශරීරය සීතල වීමට පටන් ගනී. මෙම විනාඩි තුන හතර තුළ වෛද්‍යවරුන් හෘදය ස්පන්දනය ලබාදුන් අවස්ථාවන් හි ඇතැම් රෝගීන් මරණයට පත්වී නැවත ජීවිතය ලබා ඇත. ඔවුන්ගේ මේ ප්‍රකාශවලින් අවසානයේ නිගමනය කර ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත අනුව ඔවුන් ජීවිතය ලැබූ බවකි.

කිසිදු ආගමක් නොපිළිගත් අයත් මේ අත්දැකීම්වලින් අපාය හෝ දෙව්ලොව පිළිබඳව දැකීමෙන් යළි උපත ලබා තම ආගම්හි දැක්වෙන අපාය, ස්වර්ගය පිළිබඳව විශ්වාස කිරීමට පටන් ගත් බවත් ඔවුන් ඉතා යහපත් පුද්ගලයන් වූ බවත් මෙකී වාර්තාවලින් කියැවේ. ලොව සියලු ආගම්වල මරණින් මතු ජීවිතයක් පිළිගන්නා අතර මේ පුනරුප්පත්තියට පාදක කරගත්තේ නිත්‍ය, නොවෙනස් ආත්මයක් ඇත යන පිළිගැනීමයි. එය ශාශ්වත වාදය ලෙස අපි මීට ඉහතදී සඳහන් කළෙමු. එහෙත් බුදු සමය අනුව පුනරුප්පත්තිය යන වචනයට වඩා ‘පුනර්භව‘ යන වචනය මෙහිලා යොදා ගැනීම වැදගත්වේ. අපාය හා ස්වර්ගය පමණක් නොව මරණින් මතු තිරිසන්, ප්‍රේත, භූත හා දෙව්ලෝ බඹලෝ ආදි වශයෙන් අනන්ත වූ උප්පත්ති හි මරණින් මතු සත්වයාගේ පැවැත්මක්, භවගාමීත්වයක් පිළිගන්නා බව අප අවබෝධ කරගත යුතුය.

මේ මරණාසන්න වූවන්, නැතහොත් මරණයෙන් පසු ක්ෂණිකව ජීවිතය ලැබූ අය කරන ප්‍රකාශවලට ඔවුන්ගේ ආගමික සංස්කෘතික විඥානයන් ගැබ්වී ඇතිබව අමුතුවෙන් කිවයුතු නැත. මේ හැම ප්‍රකාශයක්ම එක හෙළා සත්‍ය ප්‍රකාශන ලෙස පිළිගත යුතු නොවන අතර බැහැර කිරීමද නොකළයුතුය. සමහර ප්‍රකාශන සිහිමුර්ජාවෙන් සිටි රෝගියා මේ කාලය තුළ දුටු මතිභ්‍රමයක් (Helusination) ද විය හැක. සමහර ප්‍රකාශන සැබැවින්ම සත්‍ය විය හැකිය. මක්නිසාදයත් කිතු දහමේ වන ස්වර්ගය, අපාය අසත්‍යයක් නොවන නිසාය. කිතුනුවන් පමණක් නොව ඉස්ලාම් බැතිමතුන්, හින්දු බැතිමතුන් බොහෝ පින්කම් කරති. ඔවුන්ගේ පින් පව් අනුව ස්වර්ගයේ හෝ අපායේ උප්පත්තිය ලබති. ඔවුන් කවර තැනක උපන්නත් තමන් පුරුදු පුහුණු කරගත් ලබ්ධීන් හි දෘෂ්ටීන්හි එල්බගෙන සිටිති. ඒ නිසා ඔවුන් කරන ප්‍රකාශනවලට ඔවුන්ගේ පිළිගැනීම් පදනම් වන අතර ඒ ප්‍රකාශන අසත්‍යයයි කිසිවකුට බැහැර කළ නොහැකිය.

මරණාසන්න, නැතහොත් මියගොස් යළි ජීවිතය ලැබූ අයගේ ප්‍රකාශනයන්හි පොදු ලක්ෂණ මෙසේ ගොනුකොට දක්වා ඇත. මියගොස් ආපසු පියවි සිහිය ලැබූවන් කළ ප්‍රකාශයන්ට අනුව ඒ, ඒ පුද්ගලයන් විවිධ අත්දැකීම් ලබා ඇත.

අමිහිරි අදෝනාවන් ඇසීම, තමන් මියගොස් ඇති බව දැනීම, ලෝකයෙන් තමන් ඉවත් වූවාය යන අවබෝධයන් ඇතිවීම, මහා අඳුරු දෝනාවකින් වේගයෙන් ගමන් කරන බව දැනගැනීම සහ විශාල ආලෝකයක් තුළ නැතහොත් ගිනිජාලාවක ගිලීයන බව දැනීම ආදිය ඉන් කිහිපයකි. එසේම ආලෝකයක් සහිත නැතහොත් සුදු ඇඳගත් කෙනෙක්, හිතවතෙක් හමුවීම, තමා මෙතෙක් ගත කළ ජීවිතය පිළිබඳ සමාලෝචනයක යෙදීම සහ ජීවිතයත් ලෝකයත් පිළිබඳ අලුත් වැටහීමක් ලැබීම ආදියද ඒ අත්දැකීම් අතරට ඇතුළත්ය.

බුදුදහමට අනුව, මෙබඳු ප්‍රකාශනයන් පිළිබඳව කෙසේ විමසිය හැකිද? මේ කිසිදු ප්‍රකාශයක් එකහෙළා සත්‍ය හෝ අසත්‍ය දේ ලෙස එකවර එකඟවීමට හෝ විරුද්ධ වීමට නොහැකිය. සමහර ප්‍රකාශයක් සත්‍ය විය හැකි අතර සමහරෙකුගේ ප්‍රකාශන සිහි මුර්ජාවකින් නැතහොත් කෘත්‍රිම නින්ද්‍රාවකින් පසු ඇතිවූ මනෝභාවයක් විය හැකිය. මෙහි එකඟ විය හැකි දේ නම් මරණින් මතු සත්ත්වයාගේ පැවැත්ම බුදු සමය අවිවාදයෙන් පිළිගන්නා බැවින් චුති සිත හා ප්‍රතිසන්ධි සිත, කර්මය , කර්ම නිමිති, ගතිනිමිති ආදි ඉගැන්වීම් පරීක්ෂා කර බලනවිට මරණාසන්න අත්දැකීම් බොහො ඒවා අසත්‍ය ලෙස සැලකිය නොහැකි බවයි.

මරණාසන්න පුද්ගලයා ඊළඟ භවයට පත්වන අතරතුර අන්තරා භවයක සැරිසරන බව කථා වත්‍ථුප්පකරණයෙහි සඳහන් වේ. සංයුක්ත නිකායේ වච්ඡගොත්ත සූත්‍රයෙහි මරණයට පත්වන තැනැත්තා තෘෂ්ණාවෙන් දැඩිව අල්ලාගැනීම නිසා හෙවත් උපාදානය නිසා භවය හෙවත් පුනර්භවයට පත්වන බව විස්තර කෙරෙයි. මේ භවයෙන් චුතව ඊළග භවයෙහි ප්‍රතිසන්ධිය ලබන මේ අතරතුර තණ්හාව උපාදාන කොට සත්වයා සැරිසරන බව බුදුන් වහන්සේ වච්ඡගොත්තට පැහැදිලි කළ සේක. මෙම අවස්ථාව සදාකාලික ආත්මයක් පිළිබඳව පිළිගැනීමක් නොවන බව වටහාගත යුතුය.

අංගුලිමාල දුගතියෙන් මිදීමත්, ආනන්තර්ය පාප කර්මයන්හි නිරත වූ දේවදත්ත භික්ෂුව සහ අජාසත්ත රජු අවිචිමහා නරකයේ ගිනිදැල්ලට හසුවීමත් පිළිබඳ සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. අපායේ ගිනිදැල් පිළිබඳව අපේ මරණාසන්න පුද්ගලයන් කරන්නාවූ ප්‍රකාශන අප සමාජයේ බොහෝ දෙනකු අසන්නට ඇත. හෘදය රෝග විශේෂඥ වොට්සන් රොව්ලින් විසින් ලියන ලද ‘අපායට ගොස් ආපසු පැමිණීම’ නම් කෘතියෙහි දෙව්ලොවට හා අපායට ගොස් ආපසු පැමිණි අයගේ අත්දැකීම් රැසක් ඇතුළත් කොට ඇත. ඒ අතර රෝනල් රේගන් නම් තැනැත්තා හෙළි කරන කථාව පරීක්ෂා කර බලමු. රෝනල් රේගන් නම් මිනිසා මත්ද්‍රව්‍යවලට, මත්පැන්වලට ඇබ්බැහි දරුණු කෙනෙකි. ඔහු නිතර කලකෝළාහලවල පැටලෙන කෙනෙකි. බිරිඳට දරුවන්ට වධ දෙන කෙනෙකි. ඔහු දිනක් කෙනකුගේ මාරාන්තික ප්‍රහාරයකට මුහුණ දුන් අතර මරණාසන්න තුවාල ලබා රෝහලට ඇතුළත් කළේ ය. අධික රුධිරවහනය නිසා ඔහු මරණාසන්න විය. මොහුට දැන් ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණකැයි වෛද්‍යවරු කීවෝ ය. හදවත නතර විය. එසැනෙන් ඔහු විශාල දෝනාවකින් ගමන් කරන බවක් හැඟුණි. විලාප හඬ හැම පැත්තෙන්ම ඇසෙන්නට විය. ගිනිජාලාවේ දැවෙන මිනිසුන් දුටුවේය. “එපා රේගන් මෙහෙ එන්න එපා!” කෙනකු උස් හඬින් කියනු ඇසුණි. ඔහුට කුඩා කල සිහිපත් විය. ඔහු දරුණු පුද්ගලයකු බවට පත්වූයේ පියාගේ වරදින්ය. ඔහුගේ පියා සිත්පිත් නැති කෙනෙකි. තමා කුඩා වයසේදී ආදරයෙන් ඇති දැඩි කළ බැටලු පැටවා පියා විසින් මරනු ලැබූ පසු රේගන් දරුණු විය. ඔහු කැලෑ පැන්නේ ය. එතැන් පටන් ඔහු දරුණු කෙනෙක් විය. ‘අංගුලිමාල පිළිබඳ උදාහරණය මීට සමාන වන්නේ අංගුලිමාල දරුණු කෙනෙක් වූයේ සමාජය ඔහුට ඊර්ෂ්‍යා කොට ඔහු විනාශයට ඇද දැමූ නිසාය. රේගන් දරුණු චරිතයක් වූයේ පියාගේ අකරුණාව නිසාය. ඔහු සියලු දෙනාට රුදුරු වීමට පුරුදු වූයේ ඉන් අනතුරුවය. මේ නිසා මේ හෘදය සාක්‍ෂිය ඔහුට අපාය ගිනි දැල්ලෙන් මිදීමට හේතු වන්නට ඇත.

මරණින් පසු උපදින ස්ථාන පිළිබඳ බොහෝ දෙනකුට ගති නිමිති පෙනේ. මරණාසන්න සමහරෙක් තමන්ට මියගිය නෑදෑයන් කථාකරන බව පවසති. ඒ සමහර විට ‘පරදත්තූප ජීවී’ සත්වයන් විය හැකිය. එම සත්වයෝ ඉතා අසරණව කල් ගෙවති. එබඳු සත්වයන් තම ඥාතියකු තමාට එකතු කර ගැනීමට කැමැත්තක් දක්වන බැවින් මරණාසන්න තැනැත්තාට හෝ තැනැත්තියට තමන් වෙසෙන ස්ථානයට ආරාධනා කරති. මේ අතර සමහර මරණාසන්න අය ගිනිදැල් දකිති. ඒවා ගති නිමිති වශයෙන් අපාය දැකීමක් විය හැකිය. මෙබඳු අවස්ථාවලදී ජීවත්ව සිටින දූදරු ඥාතීන් කළ යුතු වන්නේ එම මරණාසන්න තැනැත්තා හෝ තැනැත්තියගේ සිත යහපත් පැත්තට යොමු කිරීමයි. ඔහු විසින් කරන ලද කුසල කර්ම ඔහුට හෝ ඇයට සිහිපත් කිරීමෙන් මේ ගති නිමිති වෙනස් කිරීමට හැකිවේ. තම මව්පියන්ගේ මරණාසන්න මොහොතේ යහපත් ගතිනිමිති ජනිත කළ හැකිනම් එය මවුපියන් වෙත ජීවිතයේ කළහැකි ඉහළම ප්‍රතිඋපකාරයයි.

බෞද්ධ සාහිත්‍යයෙහි මරණාසන්න මොහොත පිළිබඳව දැක්වෙන සිදුවීම් බොහොමයක් ඇත. ධම්මික උපාසක තුමාගේ කථාව, නකුලමාතා නකුල පිතාගේ කථාවස්තුව ධර්මාශෝක රජතුමාට මිහිඳු මාහිමියන් පිහිටවූ අවස්ථාව මේ අතරින් වැදගත් තැනක් ගනී. දුටුගැමුණු රජතුමා මනුෂ්‍ය ඝාතන පිළිබඳ පසුතැවෙන මොහොතේ රහතන් වහන්සේ විසින් එතුමාගේ මරණාසන්න මොහොත යහපත් පැත්තට යොමු කරන ලද අවස්ථාවද ඓතිහාසික අවස්ථාවකි. යුරෝපයට මේ මරණාසන්න මොහොත පිළිබඳ දැක්ම අලුත් දෙයක් වුවත් බෞද්ධ වූ අපට එය සාමාන්‍ය දෙයකි. එහෙත් බෞද්ධ වූ අපට ලෝකයාට දිය හැකි පණිවිඩය විශාලය. ඒ සඳහා අප යහපත් උත්සාහයක් දැරිය යුතුය.

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
බුදුසරණ පුවත්පත 2014/03/16

https://www.facebook.com/sinhala.buddhist
Please Like This Page...

බුදුන් වහන්සේ සිරි පතුල්හි ස්‌පර්ශය ලද සමන්ගිරය..

සමන් දෙවිඳුගේ ඇරයුමෙන්, බුදුන් වහන්සේ සිරි පතුල්හි ස්‌පර්ශය ලද සමන්ගිරය.
අසිරිමත් සම්බුදු තෙමඟුගට සාධූ ජන නඳින් පිරීයන ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පුණ්‍ය භූමිය..


---------------------------------------------------------------------------------------------------------------------------------------------------
සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.

මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.
මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය. මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------
බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූ®ටය නිසා එය ‘සමන්ත කූටය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූට’ වූවා යැයි ද තවත් මතයෙකි.
සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්‍රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය.
අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී‍්‍රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී‍්‍රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ.
කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්‍රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ.

ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1752) හැට අමුණක කෙත් වතු, ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්‍රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උස, පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කර, ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.
ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.
මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන (ඉඳිකටුපාන), මහගිරිදඹ, අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ, ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් (අඩි 7360) උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්‍රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.


උපුටා ගැනීම --https://www.facebook.com/pages/Buddhist/201888749850508?ref=stream
උඩ දාල තියන link එකට ගිහින් Like කරලා ඒ page එක කරන අයට සහයෝගය පලකරන්න...


ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු

ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු..


අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

"වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.

"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.

"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.

"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.

"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.

"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.

"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.

"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.

"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.

"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.

"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.

"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා.

ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.

මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.

මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.



උපුටා ගැනීම --https://www.facebook.com/sinhala.buddhist
උඩ දාල තියන link එකට ගිහින් Like කරලා ඒ page එක කරන අයට සහයෝගය පලකරන්න...

https://facebook.com/auritasoft


මහේලගේ අපි නොදුටු පැත්ත

             - මහේලගේ අපි නොදුටු පැත්ත -

 වසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය. " කට්ටියක් අපිට වෙඩි තියනවා " .... ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය. ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය. ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි. " මම හිතුවා එදා මම මැරෙයි කියලා "


--------------------------------------------------------------------------------------
 අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි. එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි. ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි. මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම් කටයුතු වලට යායුතුය. මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි. " මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. " මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.

--------------------------------------------------------------------------------------

 මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි. " මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා. මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම. ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ. මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ. එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ." අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්. මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි. ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි. ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක් නොදන්න තවත් දෙයක් තිබේ. ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි. ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ. මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.

-------------------------------------------------------------------------------------
 මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය. පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය. "උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි. " මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි. " හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය. මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි. එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය. " මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය. ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් ක්‍රීඩකයා එවැනි චරිතයකි.

 Sorce:- https://www.facebook.com/MahelaJayawardena27



අපි සමග සිහිනයක්

      ....................අපි සමග සිහිනයක්...............

**සැබැ වේදැයි නොදන්නෙමි..
එනමුත් සිත පතයි නිරතුරුවම මෙය
මෑකිගියත් මේ හීනය මා සමග වටිනා
වස්තුවකි ඔබ දුන් ඒ සිහින ලොව සැමදාම


එක් හවස වරුවක මා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩිවි පොතක් කියවමින් සිටින අතරතුර පහලොස් හැවිරිදි මගේ පුතු මා අසලට පැමිණ සුදු කඩදාසියක් දිගු කරයි..
" කවුද තාත්තේ මේක ලිව්වේ?? මට මේක අපේ පුස්තකාලේ පොතක් ඇතුලේ තිබිලා හම්බුනේ."
මම එය ඔහුගෙන් ලබාගෙන කියවිමට පටන් ගත්තේමි. කාලයකට ඉස්සර මම ලියපු වචන ටිකක්..
 

"පුතා මේක කියෙව්වාද?? "

 "ඔව් තාත්තේ..මේක ඇත්තටම කවුද ලිව්වේ"

"මේක මම ලිව්වේ පුතා, ඔයාලගේ අම්මාට. ඒත් කවදාවත් අම්මාට මම මේක පෙන්නුවේ නෑ."
"මේක මරු තාත්තේ.අද මේක අපි අම්මා හොස්පිටල් ගිහින් අවාට පස්සේ පෙන්නමු හොදේ. එයාට පුදුම හිතෙයි."


මම සිනාසෙමින් කාලයකට ඉස්සර මගේම අතින් ලියවුනු වචන පෙල දෙස නෙත් යොමු කලෙමි.. නිසදැසේ නම
එන්ජල්...
එයාට ඉස්සර ඉදන් මම ඔයාට ආදරේට කතා කරන නම..එ දවස් වල එහෙම කියද්දි බොරුවට රවලා හිනා වෙලා " ඔයාට නම් පිස්සු අනේ" කියලා කියන හැටි තාම පේනවා මට.

එන්ජල්...Angel
වෙසක් මහේ එක් දිනයක..
වාඩිවි ඉදිරිපස අසුනක
අපේ instituteයේ receptionය අසල
ඉර මුදුන් වි මද වෙලාවකි.
ඇසෙයි හෙමින් පඩිපෙල නගින ශබ්දයක්
කවුරුන්දෝ කෙනෙක්...
පියනගයි සොදුරු යුවතියක්
දොර විවර කරමින්

හැගුනි සුපුරුදු බවක් සිතට
මිට පෙර ඇය දුටු බව හෝ කතා කර ඇති බවක්
දැනෙයි සිතට මගේ
මතකයට නැගුනි ඈගේ රූපයක්
දුටු බව මින් පෙර මූණු පොතේ....
නිරතුරුව මා හා දොඩමලු වන මිතුරයකි ඇය


ඇතුලුවෙමි පන්ති කාමරය තුලට
නිල් පැහැ ඇදුමකි ඇගේ වත සැරසුනු
බිමට යොමාගත් නිල් නුවන් තාම නොපෙනෙයි මට
ගියෙමි ඇය සිටි අසුන ලගට
ඇසුවෙමි මා හා චැට් කරන්නේ ඔබ නේද කියා
තිගැස්සුනු ඇය බැලුවා මා දෑස් දෙස
මා හදුනා ගැනිමට නොහැකි හැඩකි ඇයහට
පැවසුවෙමි මගේ නම
එවිට සිනා නැගු ඇය මා හදුනා ගත්තාය.....

ඉදින් පසු ගෙවුනු කාලය
හමුවුනා අප කතා කලා බොහෝ දෑ
හුවමාරු වුවා පොත් අප අතර
ගෙවුනු එක් සැදැ වරුවක
පැවසුවෙමි මගේ ප්රේමය ඇය කෙරෙහි ඇති
ලබා ගැනීමට ඇගේ බහ
සිටියෙමි බලා දිගු කාලයක්..
ලැබුණා එක රැයක පණිවිඩයක්
ඇගේ ආදරය මට බව
උතුරා ගිය මගේ සතුට
පෙරලන්නට නොහැකිය වදන් වලට
සිතුවෙමි සොදුරිය මගේ පණ දෙවැනිකොට රකිනා බව නුබ

ආදරය කලා අප ලෝකයම අමතක වන ලෙසට
ඇගේ ඒ මහ සෙනෙහස
මගේ හදවත පුරා උතුරා ගලා ඇත
සිතුනා විටෙක මේ ලෙසින්
ප්රේම කරන්නේ ඔබ හට මාමදැයි කියා...
පුරුද්දක් නොතිබුනු නිසාමදෝ මට
රිදුනා ඇගේ සිත දහස් වාරයක් මා අතින්
නමුදු නැත දබරවි කිසිදිනෙක අප අතර
සුන්දරය සැමදාම අරබන විට දවස ඇය සමග

ඉගෙන ගතිමි මා තවත් හොදින්
කැපුවුණේමි ඉලක්කයක් කරා
සිහිනයකි අප දෙදෙනාම වට කොට බැදුනු
කේලම් දහසකි අප බිදුවිමට
මිතුරන් ලෙසින් සිටින සතුරන් මගින්..
කනකට නොගෙන ඒ මුසාබස්
අප දෙදෙන ගමන් කරෙමි අපේ පුන්චි ලෝකය කරා

සැබැ කලෙමි ආදරය මෙන්ම ජිවිතයද
ඔබ වෙනුවෙන් මා තැනු
ගෙවි ගොස් මේ මැදියම
එලබෙන හෙට උදැසන
අපේ මහානාගර්ඝ ප්රේමයේ කූඨාප්රප්තියයි..
ඉතින් සොදුරිය,
මේ ඔබේ වෙනස් නොවු ප්රේමය වෙනුවෙන් මගේ උපහාරයයි..
 

   

ආදරේ එහෙමයි...

ආදරේ එහෙමයි...

A\L කෙලවුනු නිසා පලවෙනි පාර
ආවෙමි නුගේගොඩ පන්ති යන්න
බැහැරින් ආ නිසා මිතුරන් නෑ තාම
තනියමයි සිටියේ පන්ති තුල හැමදාම

අන්තිම පේලියක තනියම සිටිනා විට
දු‍ටුවෙමි රුවැත්තියක් අපේ පන්තිය තුල
මොන මොනවාදෝ කල්පනා කරයි ඇය
ගණන් සදා අවසන් කොට
දැක්කාය ඇය මගේ ඇස් ඇත්තේ ඇය දෙසට බව
අහල බැලුවාය සැණේකින් මුහුණ අදුරු කර
මන් මටම සිනා සෙමින් බැලුවා කලු ලෑල්ල දෙස

ලැබුනා interval අප හට සර්ගෙන්
පැන්නා හනික කැන්ටිම දෙසට
හෙන පොරයකි එතන..
කරුමෙට කෑමත් අවසන්ව ඇත.
පියමැන්නා නැවතත් පන්තිය තුලට
අද බඩගින්නේය දෙක පසුවනු තුරු

කෙනෙකු වාඩි වනු මා දැනුනි මා අසල
ඔබ සිටි buger ‍රැගෙන මා ලගම
සිනා සෙමින් දුන්නා 1ක් මාහට කන්නටය කියා
බඩගිනි තිබුනු නමුත් මට
සිතුනේ නැත කන්නට ඇයගේ කෑම එක
කිව්වා මට බඩගිනි නැතිය...
අදුරු උනා ඇයගේ මුහුණ
burger දෙකම දැම්මා බෑගය තුලට
ඇසුවා මා ඔබ කන්නේ නැද්ද කියා??
කිව්වා ඇය, කන්නට බැරිය මට වෙන කෙනෙකුන් බඩගින්නේ සිටින කල
කනවා නම් කමු අපි දෙන්නාමය කියා..
සිනා සුනේමි මම එහෙනම් අපි කමුය කියා

එතැන් පටන් ඇරබුනු අපේ මිතුරුදම
සවිමත් වුනා මද කලක් යන විටම
ආගන්තුක නිසා මා මේ නගරයට
ඇය මට උදව් කලා නිරතුරුව

සොදුරු රුවැතියකි ඇය අඩු නැතුව
කොල්ලන් නිතර පැමිණේයි ඇය පසු පසම
ඇසුවත් මා සිතින් ඇය මගේ කවුරුන්ද කියා
සිත ගොලුයි ඇය සි‍ටු කුමරියක් නිසා
මා වැනි කොල්ලෙකු ඇය හට මැච් වෙන්නේ නැතිය කියා
යටපත් කලෙමි මගේ ප්‍රේමය පවසන්නේ නැතිය කියා

කල් ගතවුනා අප දෙදෙනා සමග
පාඩම් කලා නිරතුරුව අප
ඇය මට ලoවනු දැනේ
එනමුදු මොලය පවසයි ඇය මට හිමි නැතිය කියා
ඇගේ ආදරය දැනෙයි සිත කලබා

ගෙදර ගිය කලට මම
පැවසුවෙමු අම්මාට ඇය පිලිබදව
සිනා සුනු නමුදු අම්මා මා සමග
ඇය බිය වෙලා දැහැමි සි‍ටු කුමරියක් නිසා

අමතක කරන්නට හැදුවත් මම දැහැමීව
නොහැකිය එය කරන්නට ඇගේ ප්‍රේමය බලගතුය

එක් දිනක මගේ phone එක වැඩ නොකරන කල
ගත්තාය ඇය අපේ ගෙදරටම.
ඉස්සුවේ phone එක අපේ අම්මාය
ඇය බය වෙලා මගේ phone එක වැඩ නොකරනා නිසා
අම්මා ඇය හා දොඩමලුය
අම්මා පවසයි ඇය හොද ලමයෙකුය කියා
දුවලා නැතත් මට, අම්මේ කියයි මේ දරුවා කියා..

කාලය ගතවුනිය විභාගය දැන් අවසන්ය
මම පැමිණියා නැවතත් මගේ ගෙදර බලා
හැඩුවා ඇය මා බදාගෙන,
සිම්බා මගේ හිස ඇය ආදරයෙන්
සැමදාසේ එදත් සිටියෙමි මා අසරණයෙන්

කාලය ගතවුනා,මා ඇයගෙන් ඈත් වුනා..
ඇය හැර ගියා ලන්කාවම එදින...
මිතුරන් බනී මට ‍තෝ මහ මොඩයෙක් කියා.
අම්මා කියයි දැහැමිගේ වගේ ආදරයක් නොලැබෙනා බව
අමතක කරමි මේ සියල්ල මම

බොහෝ කල්ය දැන් මේ සියල්ලට
මම සිටියේ දැන් උසස් අධ්‍යපානය තුල
ආවා අලුත් යුවතියක් අපේ බැජ් එකට
ඇය මිතුරයකි දැන් මාගේ හොදම
නැගුනු ප්‍රේමය ඇය කෙරෙහි මගේ
පැවසුවා එක් දිනක මම
ටික දවසකින් ඇගේ පිලිතුර ලැබුනා
අප පෙම්වතුන්ය දැන් බැජ් එක දන්නා.

මට සිරාවි ඇත මේ ප්‍රේමය බොක්කටම
පෙම් කලා ඇයටම සෑම දින.
වෙනසක් දැනෙන විට ඇයගේ
හිත මගේ රිදේයි කාටත් රහසේ

බධා ගොඩකි අප දෙදෙනාට
ම්තුරන් කියයි ඇය වෙනස් වන බව ඉක්මනට
අම්මා කියයි,වැඩි බලා පොරොත්තු ඕනැ නැතිය කියා
කවුරුන් කිවත් කුමන කතා
මට වැඩක් නැත එවා
අමතක කරා දමා ඒ බයිලා
තව පෙම් කලෙමි ඇයටම තුන් සිත බන්දා

කල් ගත්වුනා ඉක්මනට
දැනුනා ඇය වෙනස් බව
පෙරට වඩා සෑහෙන්න
ඉවසා සිටියෙමි ඇයට වැඩ බහුලයිය කියා
නමුදු ඇගේ වෙනස් බව තවදුරටත් වැඩිවි
අප දෙදෙනා තව දුරටත් ඈතට වී

සිටිනා විට මා බෝඩිම තුලම
ආවා ඇයගෙන් පණිවිඩයක් මෙමට
තිබුනා එහි අපි කතා යුතුය කියා
හැගුනා අපේ ආදරයට තිතක් කියා
වෙන් වුනා අප දෙදෙනා
සිත මහ දුකකි දරාගැනිමට නොහැකා

මිතුරන් බනි මට සොදට
කිව්වා නේද ඕක වෙන බව අප පෙරදිනම
දැහැමිට දුන්න දුක දැන් තොට පල දුන්නා
දැන් විදවපන් යකෝ එ පව උබම
ඇත්තකි ඔවුන් පවසන්නේ
දැහැමිගේ ආදරයට දුන්නු
දුක තමා මේ පල දුන්නේ

අමතක කර නොහැකි වුවත්
මට අපේ ආදරය
පිස්සෙක් නොවෙමි නන්ගියේ මා නම්
ඔබ ගියා කියා දුක ඇතිමුත් සිත තුලම
සැනසීමකි එක් පවක් ගෙව්වා නිසා
මට ඇති සැනසීම වැඩ පමණක්ය දැන් නම්

ලෙක්චර්ස් ඉවරවි එක් හැන්දැවක
ඇවිදෙමි ගාලු පාර දිගේ
BMW 1ක් නැවතුනා එකවර මා අසල
බලනා විට එය දෙස
රියදුරු අසුනේ දැහැමි සිටි සිනා සෙමින්
පුදුමයකි ඇය දැකුම
"බය වෙලා ඉන්නේ නැතුව නගින්නයැයි" ඇයම කියයි
නැගුනි මම වාහනය තුලට.
තවමත් මගේ මුව ගොලුය මේ පුදුමේන්ම
තවත් ඇය සුන්දරවි ඇති බව පෙනේ
ඇගේ පින් පාට තවත් වැඩිවි ඇති හැඩකි

වාහනය හැරවුවා අපේ සුපුරුදු අවන්හල වෙත
පියමැන්නා අපි එකට.
වාඩිවුනා අපේ පුරුදු මේසයෙම
වෙනදා සේම ඇය ගියා කෑම ගෙන එන්නට.
ඇය අත buger සමග අයිස් කෝපිය..
මගේ කැමතිම කෑම
තිගැස්සුනේමි මම..ඇයට තවමත් මේවා මතක නිසා
"තාමත් මතකද?' ලේ පිරුනා සුදු මුහුණට
රවමින්ම මට පැවසුවා
"මම ජිවිතේ කිසි දෙයක් අමතක කරන කෙල්ලෙන් නෙමෙයි අයියේ" කියා
ගොලුවුනේමි නැවතත් මා පෙර ලෙසම

කතා කලා අප බොහෝ දේ..
අවසානයේ ඇසුවා මා එක ප්‍රශ්නයක්
"දැන් bf කෙනෙක් ඉන්නවාදා ??" කියා
එබුනා ඇය මාගේ දෑස් තුලටම...
කිව්ව මට
"මම ජිවිතේ ආදරේ කරේ එක්කෙනෙකුට විතරක් කියා"
සසල වුනෙමි මම අන් කවරදාටත් වඩා.
ඇගේ නිකලැල් ප්‍රේමය අහිමි කරගත් පව්කාරයා මමම නිසා

ඉතින් සොදුරිය,
ඔබේ ආදරය, මහ සෙනෙහස ඉදිරියේ කුරා කුහුබුවෙකි මම
කෙසේ ඔබේ දෑස් දෙස බලා කතා කරන්නද මම
සාමාන්‍ය කෙල්ලන්ද වෙනස් වෙන මේ ලොව තුල
ඔබ වැනි සුන්දර දෙව්ලියක්, සි‍ටු කුමරියක් වෙනස් නොවු අරුමය කිම
අවසන දැනෙන දේ නම් මා හට
ආදරය ගැන මා දන්නේ මොනවාදැයි කියා.......

How to hack firefox saved password

     Firefox වල Save කරලා තියන password එකක් show කරමුද..?

මේක අපේ යාළුවන්ට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් ගොඩක් ය මේක දන්නවාඇති එත් දන්නැති කවුරුහරි හිටියොත් වැදගත් වෙයිනෙ එක නිසා දාන්න හිතුව.. මේ විදිහට ඕගොල්ලන්ට අමතක වෙලා තියන password එහෙම අයේ බලාගන්න පුළුවන්.. ඕනනං යාලුවන්ගේ password save කරලා තියන password එකක් උනත් හොයා ගන්න පුළුවන්.. එහෙනම් අපි එක කරන විදිහ බලමුකෝ..

1.  මුලින්ම ෆිරෙෆොෂ්  වල ඔප්තිඔන් වලට යන්න...

 2. ඊට පස්සේ එන window එකේ Security ටැබ් එක තෝරාගෙන saved  password කියන එක තොර ගන්න..


3.  ඊට පස්සේඑන window එකේ ඕගොල්ලෝ save කරලා තියන සේරම වෙබ් site ටිකයි username ටිකයි
     පෙන්නයි ඊට පස්සේ show password  කියන button එක click කරන්න...

4.  ඊට පස්සේඑන මෙස්සගේ බොෂ් එක යේස් කරන්න..

5. ඊට පස්සේ ඔය save කරලා තියන password එක පෙන්නයි..


පොස්ට් එකේ අඩු පාඩු ගැන.. page එකේ.. comment එකක් දාන්නකෝ... https://facebook.com/wmedias

--------------------------------------------------------------------------------------------------------------
                     How to hack firefox saved password..!

1. Please go to Firefox and choose Option.. (Right-Top =Firefox New Version  )


      
2.  In Option Window Please Select "Security" tab and Click "Saved Password" Button

 3.  In "Saved Password" window you can see all of the Saved Password ,Username & Web sites.. after  
      that  Please Click "Show Password" Button and You Will Get Message Box Please Click "Yes"



4. You Can See All The Password You Have Saved As Shown Here..
                                 

 if you have any trouble then Comment box below here Or comment at Wmedias facebook page

Most wickets in career

ලෝකයෙන්ම වැඩියෙන්ම කඩුලු ලබාගත් ක්‍රීඩකයින්... අතරට  අපේ අයත් 15 දෙනෙක්ම ඉන්නවා...
 
Most wickets
Player Span Mat Inns Overs Mdns Runs Wkts BBI Ave Econ SR 4 5
Saeed Ajmal(Pak) 2009-2013 59 58 220.0 2 1379 81 4/19 17.02 6.26 16.2 4 0
Umar Gul (Pak) 2007-2013 52 52 175.0 2 1217 74 5/6 16.44 6.95 14.1 4 2
Shahid Afridi (Pak) 2006-2013 70 69 253.2 3 1643 73 4/11 22.50 6.48 20.8 3 0
BAW Mendis (SL) 2008-2014 36 36 137.0 5 844 62 6/8 13.61 6.16 13.2 3 2
SCJ Broad (Eng) 2006-2014 51 50 181.3 2 1363 61 4/24 22.34 7.50 17.8 1 0
SL Malinga (SL) 2006-2014 50 50 175.5 0 1297 60 5/31 21.61 7.37 17.5 0 1
GP Swann (Eng) 2008-2012 39 38 135.0 4 859 51 3/13 16.84 6.36 15.8 0 0
NL McCullum (NZ) 2007-2014 51 47 145.1 0 995 48 4/16 20.72 6.85 18.1 2 0
DW Steyn (SA) 2007-2013 33 33 117.0 2 726 46 4/9 15.78 6.20 15.2 1 0
Mohammad Hafeez (Pak) 2006-2013 54 50 152.2 1 1008 44 4/10 22.90 6.61 20.7 1 0
M Morkel (SA) 2007-2013 36 36 127.4 3 904 43 4/17 21.02 7.08 17.8 2 0
Abdur Razzak (Ban) 2006-2013 28 28 106.0 3 739 39 4/16 18.94 6.97 16.3 1 0
TG Southee (NZ) 2008-2014 33 32 117.0 2 991 39 5/18 25.41 8.47 18.0 0 1
MG Johnson (Aus) 2007-2013 30 30 109.2 2 797 38 3/15 20.97 7.28 17.2 0 0
DL Vettori (NZ) 2007-2012 33 33 128.1 1 720 37 4/20 19.45 5.61 20.7 1 0
DJG Sammy (WI) 2007-2013 42 41 116.4 0 804 37 5/26 21.72 6.89 18.9 1 1
J Botha (SA) 2006-2012 40 39 129.0 1 823 37 3/16 22.24 6.37 20.9 0 0
KMDN Kulasekara (SL) 2008-2014 34 34 120.2 2 880 37 3/4 23.78 7.31 19.5 0 0
Shakib Al Hasan (Ban) 2006-2014 28 28 103.0 1 689 36 4/21 19.13 6.68 17.1 2 0
SR Watson (Aus) 2006-2013 39 33 109.0 1 810 36 4/15 22.50 7.43 18.1 1 0
KD Mills (NZ) 2005-2013 37 37 130.4 1 1087 36 3/33 30.19 8.31 21.7 0 0
JW Dernbach (Eng) 2011-2014 28 27 97.0 0 817 34 4/22 24.02 8.42 17.1 1 0
DT Johnston (Ire) 2008-2013 30 28 99.0 5 636 32 4/22 19.87 6.42 18.5 1 0
Sohail Tanvir (Pak) 2007-2013 38 38 129.3 2 920 32 3/12 28.75 7.10 24.2 0 0
GH Dockrell (Ire) 2010-2013 21 20 71.4 1 439 29 4/20 15.13 6.12 14.8 1 0
DP Nannes (Aus/Neth) 2009-2010 17 16 61.0 2 459 28 4/18 16.39 7.52 13.0 1 0
RM Haq (Scot) 2007-2013 21 20 75.0 1 472 28 3/20 16.85 6.29 16.0 0 0
SW Tait (Aus) 2007-2011 19 19 71.4 2 498 28 3/13 17.78 6.94 15.3 0 0
IK Pathan (India) 2006-2012 24 23 77.0 1 618 28 3/16 22.07 8.02 16.5 0 0
B Lee (Aus) 2005-2012 25 25 90.5 0 714 28 3/23 25.50 7.86 19.4 0 0
DJ Bravo (WI) 2006-2014 39 32 90.0 0 755 28 4/38 26.96 8.38 19.2 1 0
HS Baidwan (Can) 2008-2013 17 17 53.5 1 411 27 4/19 15.22 7.63 11.9 1 0
SP Narine (WI) 2012-2014 20 20 75.4 0 466 26 4/12 17.92 6.15 17.4 1 0
Mudassar Bukhari (Neth) 2008-2013 20 19 62.5 2 437 25 4/33 17.48 6.95 15.0 1 0
AR Cusack (Ire) 2008-2013 25 23 68.0 1 467 25 4/18 18.68 6.86 16.3 2 0
ST Finn (Eng) 2011-2013 18 18 68.0 0 487 25 3/16 19.48 7.16 16.3 0 0
SE Bond (NZ) 2005-2010 20 20 77.3 2 543 25 3/18 21.72 7.00 18.6 0 0
R Rampaul (WI) 2007-2012 19 19 69.4 1 597 25 3/16 23.88 8.56 16.7 0 0
AD Mathews (SL) 2009-2014 47 37 103.1 4 700 25 3/16 28.00 6.78 24.7 0 0
Yuvraj Singh (India) 2007-2013 34 21 52.4 0 373 23 3/17 16.21 7.08 13.7 0 0
RJ Sidebottom (Eng) 2007-2010 18 18 61.1 0 437 23 3/16 19.00 7.14 15.9 0 0
Mohammad Amir (Pak) 2009-2010 18 18 65.0 3 457 23 3/23 19.86 7.03 16.9 0 0
JE Taylor (WI) 2006-2010 17 17 60.0 2 473 23 3/6 20.56 7.88 15.6 0 0
IG Butler (NZ) 2009-2013 19 18 59.4 1 481 23 3/19 20.91 8.06 15.5 0 0
WD Parnell (SA) 2009-2013 24 23 75.4 2 594 23 4/13 25.82 7.85 19.7 1 0
Mashrafe Mortaza (Ban) 2006-2014 23 23 86.3 1 730 23 4/19 31.73 8.43 22.5 1 0
Hamid Hassan (Afg) 2010-2013 14 14 51.1 2 318 22 4/22 14.45 6.21 13.9 1 0
SO Ngoche (Kenya) 2010-2013 19 19 59.3 0 416 22 4/14 18.90 6.99 16.2 2 0
NLTC Perera (SL) 2010-2014 32 25 65.4 0 548 22 2/19 24.90 8.34 17.9 0 0
Harbhajan Singh (India) 2006-2012 25 24 90.0 4 573 22 4/12 26.04 6.36 24.5 1 0
P Utseya (Zim) 2006-2013 26 26 93.5 2 617 22 3/25 28.04 6.57 25.5 0 0
JA Morkel (SA) 2005-2012 42 39 91.5 2 734 22 2/12 33.36 7.99 25.0 0 0
AC Botha (Ire) 2008-2010 14 10 34.0 0 184 21 3/14 8.76 5.41 9.7 0 0
Samiullah Shenwari (Afg) 2010-2013 22 21 61.4 0 362 21 5/13 17.23 5.87 17.6 1 1
PM Seelaar (Neth) 2008-2013 19 17 61.0 2 379 21 4/19 18.04 6.21 17.4 1 0
RJ Peterson (SA) 2006-2013 20 18 55.5 1 423 21 3/30 20.14 7.57 15.9 0 0
TT Bresnan (Eng) 2006-2014 28 28 92.4 1 703 21 3/10 33.47 7.58 26.4 0 0
Abdul Razzaq (Pak) 2006-2013 32 22 56.3 2 395 20 3/13 19.75 6.99 16.9 0 0
JEC Franklin (NZ) 2006-2013 38 26 54.3 0 417 20 4/15 20.85 7.65 16.3 1 0
DJ Hussey (Aus) 2008-2012 39 25 60.1 1 392 19 3/25 20.63 6.51 19.0 0 0
Shoaib Akhtar (Pak) 2006-2010 15 15 53.0 3 432 19 3/38 22.73 8.15 16.7 0 0
NW Bracken (Aus) 2006-2009 19 19 62.5 2 438 19 3/11 23.05 6.97 19.8 0 0
KJ O'Brien (Ire) 2008-2013 32 21 62.3 0 445 19 3/35 23.42 7.12 19.7 0 0
ST Jayasuriya (SL) 2006-2011 31 24 61.5 0 456 19 3/21 24.00 7.37 19.5 0 0
JDP Oram (NZ) 2005-2012 36 32 91.0 0 793 19 3/33 41.73 8.71 28.7 0 0
SB Styris (NZ) 2005-2010 31 21 51.3 0 349 18 3/5 19.38 6.77 17.1 0 0
WB Rankin (Eng/Ire) 2009-2013 17 16 63.0 1 388 18 3/20 21.55 6.15 21.0 0 0
CRD Fernando (SL) 2006-2011 17 17 61.0 3 457 18 3/19 25.38 7.49 20.3 0 0
HA Varaiya (Kenya) 2007-2013 25 24 77.2 2 461 18 2/10 25.61 5.96 25.7 0 0
Mohammad Nabi (Afg) 2010-2013 22 22 76.0 3 544 18 3/23 30.22 7.15 25.3 0 0
JM Anderson (Eng) 2007-2009 19 19 70.2 1 552 18 3/23 30.66 7.84 23.4 0 0
CK Langeveldt (SA) 2005-2010 9 9 33.0 0 241 17 4/19 14.17 7.30 11.6 1 0
AB Dinda (India) 2009-2012 9 9 30.0 1 245 17 4/19 14.41 8.16 10.5 1 0
MA Starc (Aus) 2012-2014 12 12 45.3 0 273 17 3/11 16.05 6.00 16.0 0 0
SPD Smith (Aus) 2010-2011 20 16 47.3 1 373 17 3/20 21.94 7.85 16.7 0 0
LL Tsotsobe (SA) 2009-2013 18 18 63.0 2 395 17 3/16 23.23 6.26 22.2 0 0
LJ Wright (Eng) 2007-2014 49 22 53.0 0 445 17 2/24 26.17 8.39 18.7 0 0
Z Khan (India) 2006-2012 17 17 58.4 0 448 17 4/19 26.35 7.63 20.7 1 0
KA Pollard (WI) 2008-2013 37 26 57.0 0 475 17 3/30 27.94 8.33 20.1 0 0
JS Patel (NZ) 2005-2008 11 10 33.1 1 269 16 3/20 16.81 8.11 12.4 0 0
R McLaren (SA) 2009-2013 10 10 39.5 0 289 16 5/19 18.06 7.25 14.9 0 1
PJ Cummins (Aus) 2011-2012 11 11 43.0 2 315 16 3/15 19.68 7.32 16.1 0 0
Yasir Arafat (Pak) 2007-2012 13 13 39.2 0 316 16 3/18 19.75 8.03 14.7 0 0
PD Collingwood (Eng) 2005-2011 35 19 37.0 0 329 16 4/22 20.56 8.89 13.8 1 0
Shoaib Malik (Pak) 2006-2013 55 24 51.2 0 355 16 2/7 22.18 6.91 19.2 0 0
GD Drummond (Scot) 2008-2013 17 17 55.0 1 381 16 3/20 23.81 6.92 20.6 0 0
DAJ Bracewell (NZ) 2011-2012 13 13 40.4 0 391 16 3/25 24.43 9.61 15.2 0 0
E Chigumbura (Zim) 2006-2013 24 20 45.0 0 411 16 4/31 25.68 9.13 16.8 1 0
NN Odhiambo (Kenya) 2007-2013 24 21 56.1 1 468 16 5/20 29.25 8.33 21.0 0 1
FH Edwards (WI) 2007-2012 20 20 60.0 0 497 16 3/23 31.06 8.28 22.5 0 0
RP Singh (India) 2007-2009 10 9 33.0 0 225 15 4/13 15.00 6.81 13.2 1 0
MC Sorensen (Ire) 2012-2013 12 11 34.0 1 253 15 3/20 16.86 7.44 13.6 0 0
RG Aga (Kenya) 2008-2013 20 19 48.0 1 306 15 3/24 20.40 6.37 19.2 0 0
SM Pollock (SA) 2005-2008 12 11 40.3 1 309 15 3/28 20.60 7.62 16.2 0 0
CH Gayle (WI) 2006-2013 34 21 49.1 0 351 15 2/15 23.40 7.13 19.6 0 0
Shapoor Zadran (Afg) 2010-2013 17 17 50.0 3 359 15 2/21 23.93 7.18 20.0 0 0
SJ Benn (WI) 2008-2010 17 17 59.0 3 414 15 4/6 27.60 7.01 23.6 1 0
SMSM Senanayake (SL) 2012-2014 10 10 35.0 0 191 14 3/14 13.64 5.45 15.0 0 0
MAA Jamil (Neth) 2012-2013 10 9 30.2 0 242 14 2/10 17.28 7.97 13.0 0 0
RE van der Merwe (SA) 2009-2010 13 13 44.0 0 305 14 2/14 21.78 6.93 18.8 0 0
MN Samuels (WI) 2007-2013 25 16 46.4 0 392 14 3/23 28.00 8.40 20.0 0 0
PW Borren (Neth) 2008-2013 20 19 65.4 0 447 14 2/19 31.92 6.80 28.1 0 0
R Ashwin (India) 2010-2013 19 19 72.5 1 571 14 2/16 40.78 7.83 31.2 0 0
JK Kamande (Kenya) 2007-2010 12 10 34.2 1 212 13 3/28 16.30 6.17 15.8 0 0
SR Clark (Aus) 2006-2007 9 9 36.0 0 237 13 4/20 18.23 6.58 16.6 1 0
A Nehra (India) 2009-2011 8 8 31.0 0 274 13 3/19 21.07 8.83 14.3 0 0
M Muralitharan (SL) 2006-2010 12 12 47.0 0 297 13 3/29 22.84 6.31 21.6 0 0
Mohammad Asif (Pak) 2006-2010 11 11 42.5 1 343 13 4/18 26.38 8.00 19.7 1 0
RW Price (Zim) 2008-2012 16 16 61.3 4 378 13 2/6 29.07 6.14 28.3 0 0
YK Pathan (India) 2007-2012 22 17 50.5 0 438 13 2/22 33.69 8.61 23.4 0 0
SO Tikolo (Kenya) 2007-2013 15 10 28.2 0 168 12 4/2 14.00 5.92 14.1 1 0
JD Nel (Scot) 2007-2010 10 9 31.0 3 169 12 3/10 14.08 5.45 15.5 0 0
RN ten Doeschate (Neth) 2008-2010 9 9 34.0 0 241 12 3/23 20.08 7.08 17.0 0 0
S Badree (WI) 2012-2014 11 11 43.0 0 254 12 3/17 21.16 5.90 21.5 0 0
J Theron (SA) 2010-2012 9 9 32.2 0 261 12 4/27 21.75 8.07 16.1 1 0
AD Mascarenhas (Eng) 2007-2009 14 14 42.0 0 309 12 3/18 25.75 7.35 21.0 0 0
MJ McClenaghan (NZ) 2012-2014 11 11 37.2 2 314 12 2/24 26.16 8.41 18.6 0 0
Karim Sadiq (Afg) 2010-2013 21 18 51.0 0 329 12 3/17 27.41 6.45 25.5 0 0
JH Kallis (SA) 2005-2012 25 19 46.0 1 333 12 4/15 27.75 7.23 23.0 1 0
TM Odoyo (Kenya) 2007-2013 11 10 36.0 0 170 11 3/17 15.45 4.72 19.6 0 0
Abdur Rehman (Pak) 2007-2013 8 8 26.0 0 192 11 2/7 17.45 7.38 14.1 0 0
CO Obuya (Kenya) 2007-2013 26 10 30.3 0 202 11 3/17 18.36 6.62 16.6 0 0
JP Duminy (SA) 2007-2013 48 18 31.1 0 215 11 3/18 19.54 6.89 17.0 0 0
NO Miller (WI) 2009-2014 9 9 31.4 0 224 11 2/20 20.36 7.07 17.2 0 0
DT Christian (Aus) 2010-2014 13 13 32.0 0 275 11 3/27 25.00 8.59 17.4 0 0
MH Yardy (Eng) 2006-2011 14 13 46.0 0 299 11 2/19 27.18 6.50 25.0 0 0
L Balaji (India) 2012-2012 5 5 16.0 0 121 10 3/19 12.10 7.56 9.6 0 0
PP Ojha (India) 2009-2010 6 6 21.0 0 132 10 4/21 13.20 6.28 12.6 1 0
Mohammad Sami (Pak) 2010-2012 5 5 16.0 0 146 10 3/16 14.60 9.12 9.6 0 0
PC Connell (Ire) 2008-2010 9 8 25.3 1 156 10 3/8 15.60 6.11 15.3 0 0
MR Swart (Neth) 2012-2013 11 10 37.0 1 219 10 2/8 21.90 5.91 22.2 0 0
Dawlat Zadran (Afg) 2012-2013 8 8 30.5 0 226 10 3/21 22.60 7.32 18.5 0 0
R Vinay Kumar (India) 2010-2013 9 9 31.3 0 247 10 3/24 24.70 7.84 18.9 0 0
H Osinde (Can) 2008-2013 11 11 35.0 0 250 10 3/36 25.00 7.14 21.0 0 0
MR Gillespie (NZ) 2006-2008 11 10 35.0 3 255 10 4/7 25.50 7.28 21.0 1 0
RS Bopara (Eng) 2008-2014 29 14 32.4 1 260 10 4/10 26.00 7.95 19.6 1 0
PR Stirling (Ire) 2009-2013 21 13 38.0 0 268 10 3/21 26.80 7.05 22.8 0 0
KM Jarvis (Zim) 2011-2013 9 9 32.1 0 270 10 3/15 27.00 8.39 19.3 0 0
JR Hopes (Aus) 2005-2010 12 12 37.0 0 283 10 2/26 28.30 7.64 22.2 0 0
KAJ Roach (WI) 2008-2012 11 11 39.0 1 284 10 2/25 28.40 7.28 23.4 0 0
XJ Doherty (Aus) 2012-2013 11 11 38.0 0 300 10 3/20 30.00 7.89 22.8 0 0
RM Hira (NZ) 2012-2013 15 13 42.2 1 337 10 2/42 33.70 7.96 25.4 0 0
Mahmudullah (Ban) 2007-2014 26 21 54.1 0 400 10 2/28 40.00 7.38 32.5 0 0
CB Mpofu (Zim) 2008-2013 13 13 47.0 0 408 10 3/16 40.80 8.68 28.2 0 0
I Wardlaw (Scot) 2013-2013 4 4 16.0 1 145 9 3/40 16.11 9.06 10.6 0 0
Elias Sunny (Ban) 2012-2012 7 7 23.0 1 146 9 5/13 16.22 6.34 15.3 0 1
BW Hilfenhaus (Aus) 2007-2012 7 7 26.0 0 161 9 2/15 17.88 6.19 17.3 0 0
RK Kleinveldt (SA) 2008-2013 6 6 20.2 1 173 9 3/18 19.22 8.50 13.5 0 0
RD Berrington (Scot) 2008-2013 21 12 25.4 0 179 9 2/13 19.88 6.97 17.1 0 0
NM Coulter-Nile (Aus) 2013-2014 6 6 24.0 0 208 9 4/31 23.11 8.66 16.0 1 0
Rizwan Cheema (Can) 2008-2013 16 15 50.0 1 382 9 2/19 42.44 7.64 33.3 0 0
Fawad Alam (Pak) 2007-2010 24 6 15.0 0 95 8 3/7 11.87 6.33 11.2 0 0
Zulfiqar Babar (Pak) 2013-2013 4 4 15.0 1 108 8 3/23 13.50 7.20 11.2 0 0
Aizaz Cheema (Pak) 2011-2012 5 5 17.0 0 116 8 4/30 14.50 6.82 12.7 1 0
U Bhatti (Can) 2008-2010 7 7 23.0 0 148 8 3/23 18.50 6.43 17.2 0 0
WK McCallan (Ire) 2008-2009 9 7 21.5 0 152 8 2/26 19.00 6.96 16.3 0 0
AG Cremer (Zim) 2008-2012 9 8 23.0 0 156 8 3/11 19.50 6.78 17.2 0 0
Junaid Siddiqui (Can) 2012-2013 8 8 29.0 1 180 8 3/10 22.50 6.20 21.7 0 0
P Kumar (India) 2008-2012 10 10 26.0 1 193 8 2/14 24.12 7.42 19.5 0 0
Mohammad Ashraful (Ban) 2007-2013 23 8 23.0 0 210 8 3/42 26.25 9.13 17.2 0 0
Junaid Khan (Pak) 2011-2013 8 8 24.0 0 213 8 3/24 26.62 8.87 18.0 0 0
GJ Maxwell (Aus) 2012-2014 15 13 30.0 0 221 8 2/15 27.62 7.36 22.5 0 0
JJ van der Wath (SA) 2006-2007 8 8 31.0 0 231 8 2/31 28.87 7.45 23.2 0 0
Shafiul Islam (Ban) 2010-2013 11 11 36.4 0 275 8 2/19 34.37 7.50 27.5 0 0
A Symonds (Aus) 2005-2009 14 12 30.5 0 277 8 2/14 34.62 8.98 23.1 0 0
RA Jadeja (India) 2009-2013 15 15 49.4 2 354 8 2/26 44.25 7.12 37.2 0 0
I Sharma (India) 2008-2013 14 14 46.2 0 400 8 2/34 50.00 8.63 34.7 0 0
B Kumar (India) 2012-2013 3 3 12.0 0 90 7 3/9 12.85 7.50 10.2 0 0
AS Hansra (Can) 2012-2013 8 6 15.0 0 94 7 2/13 13.42 6.26 12.8 0 0
A Dananjaya (SL) 2012-2013 5 5 14.0 0 95 7 2/9 13.57 6.78 12.0 0 0
Imran Tahir (SA) 2013-2013 6 6 21.0 0 109 7 2/17 15.57 5.19 18.0 0 0
S Randiv (SL) 2010-2011 7 7 21.0 0 139 7 3/20 19.85 6.61 18.0 0 0
Hamza Hotak (Afg) 2013-2013 8 8 22.5 1 154 7 3/39 22.00 6.74 19.5 0 0
JR Hazlewood (Aus) 2013-2014 4 4 16.0 0 155 7 4/30 22.14 9.68 13.7 1 0
MF Maharoof (SL) 2006-2008 7 7 24.0 0 173 7 2/18 24.71 7.20 20.5 0 0
T Thushara (SL) 2008-2010 6 6 22.0 0 179 7 2/37 25.57 8.13 18.8 0 0
JP Faulkner (Aus) 2012-2013 6 6 22.0 0 182 7 3/28 26.00 8.27 18.8 0 0
CS Martin (NZ) 2007-2008 6 6 23.0 1 193 7 2/14 27.57 8.39 19.7 0 0
DR Smith (WI) 2006-2012 17 10 22.4 0 201 7 3/24 28.71 8.86 19.4 0 0
G Goudie (Scot) 2010-2013 9 9 24.5 0 224 7 3/22 32.00 9.02 21.2 0 0
S Sreesanth (India) 2006-2008 10 9 34.0 2 288 7 2/12 41.14 8.47 29.1 0 0
Rubel Hossain (Ban) 2009-2014 9 9 32.2 0 306 7 2/63 43.71 9.46 27.7 0 0
SR Patel (Eng) 2011-2013 18 15 42.0 0 321 7 2/6 45.85 7.64 36.0 0 0
LMP Simmons (WI) 2007-2014 20 3 6.0 0 55 6 4/19 9.16 9.16 6.0 1 0
D Bishoo (WI) 2011-2011 4 4 15.4 0 98 6 4/17 16.33 6.25 15.6 1 0
WD Balaji Rao (Can) 2008-2008 4 4 14.0 0 107 6 3/21 17.83 7.64 14.0 0 0
JAR Blain (Scot) 2007-2008 6 5 20.0 0 108 6 2/23 18.00 5.40 20.0 0 0
BMAJ Mendis (SL) 2011-2013 16 8 18.0 0 116 6 3/24 19.33 6.44 18.0 0 0
IE O'Brien (NZ) 2009-2009 4 4 13.0 0 116 6 2/30 19.33 8.92 13.0 0 0
HMRKB Herath (SL) 2011-2012 6 6 18.0 0 121 6 3/25 20.16 6.72 18.0 0 0
WPUJC Vaas (SL) 2006-2007 6 6 22.0 1 128 6 2/14 21.33 5.81 22.0 0 0
Izatullah Dawlatzai (Afg) 2012-2012 4 4 12.0 0 134 6 3/33 22.33 11.16 12.0 0 0
E Schiferli (Neth) 2008-2010 7 6 23.0 0 146 6 3/23 24.33 6.34 23.0 0 0
SNJ O'Keefe (Aus) 2010-2011 7 7 19.0 0 149 6 3/29 24.83 7.84 19.0 0 0
TL Best (WI) 2013-2014 6 6 20.0 0 154 6 3/18 25.66 7.70 20.0 0 0
Raza Hasan (Pak) 2012-2012 7 7 26.0 1 154 6 2/14 25.66 5.92 26.0 0 0
NM Carter (Scot) 2013-2013 7 7 26.0 1 168 6 2/27 28.00 6.46 26.0 0 0
E Otieno (Kenya) 2012-2013 10 10 28.2 1 178 6 3/16 29.66 6.28 28.3 0 0
S Dhaniram (Can) 2008-2010 11 11 33.4 1 192 6 2/9 32.00 5.70 33.6 0 0
MJ Clarke (Aus) 2005-2010 34 15 26.0 0 225 6 1/2 37.50 8.65 26.0 0 0
TM Dilshan (SL) 2006-2014 55 20 36.0 0 274 6 2/4 45.66 7.61 36.0 0 0
M Ntini (SA) 2005-2011 10 10 32.0 0 298 6 2/22 49.66 9.31 32.0 0 0
GH O'Brien (Ber) 2008-2008 3 3 11.0 0 41 5 2/11 8.20 3.72 13.2 0 0
MS Kasprowicz (Aus) 2005-2005 2 2 7.0 0 57 5 4/29 11.40 8.14 8.4 1 0
KJ Coetzer (Scot) 2008-2013 20 5 11.0 0 71 5 3/25 14.20 6.45 13.2 0 0
GD McGrath (Aus) 2005-2005 2 2 8.0 0 79 5 3/31 15.80 9.87 9.6 0 0
T van der Gugten (Neth) 2012-2012 6 6 14.0 0 91 5 3/18 18.20 6.50 16.8 0 0
Naved-ul-Hasan (Pak) 2006-2010 4 4 14.1 0 101 5 3/19 20.20 7.12 17.0 0 0
NM Odhiambo (Kenya) 2010-2013 8 7 18.0 0 127 5 2/33 25.40 7.05 21.6 0 0
SK Raina (India) 2006-2013 37 8 16.0 0 141 5 2/49 28.20 8.81 19.2 0 0
CJ Chibhabha (Zim) 2006-2013 17 8 19.5 0 158 5 1/14 31.60 7.96 23.8 0 0
A Flintoff (Eng) 2005-2007 7 7 25.0 0 161 5 2/23 32.20 6.44 30.0 0 0
RJ Nicol (NZ) 2010-2013 21 13 20.3 0 167 5 2/20 33.40 8.14 24.6 0 0
PJ Ongondo (Kenya) 2007-2008 8 8 26.0 1 177 5 2/18 35.40 6.80 31.2 0 0
I Udana (SL) 2009-2012 6 6 22.0 1 182 5 2/17 36.40 8.27 26.4 0 0
DR Briggs (Eng) 2012-2014 7 6 18.0 0 199 5 2/25 39.80 11.05 21.6 0 0
Mirwais Ashraf (Afg) 2010-2013 16 13 32.2 1 215 5 2/6 43.00 6.64 38.8 0 0
GB Hogg (Aus) 2006-2012 12 12 41.0 1 308 5 1/11 61.60 7.51 49.2 0 0  

Data ටික ගත්තේ espncricinfo.com site  එකෙන්..